Sunday, November 17, 2024

කන්තලේ සීනී සමාගම සිංගප්පූරු සමාගමකට දෙන්න යයි

කන්තලේ සීනි සමාගමේ 85%ක කොටස් සිංගප්පූරු සමාගමකට ලබා දීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ගිවිසුමේ ආරම්භක දින සිට මෙහෙයුම් ආරම්භ කර දස වැනි සංවත්සරය දක්වා කාලය ආයෝජකයාට 85% සහ ශ්‍රී ලංකා රජයට 15%ක කොටස් හිමිකාරිත්වය ඇතැයි ගිවිසුමේ සඳහන් වේ.

එතැන් සිට විසිවන සංවත්සරය දක්වා 75%ක් ආයෝජකයකයාට 25%ක් ශ්‍රී ලංකා රජයටත් ලැබෙන බව ද ගිවිසුමේ සඳහන් ය.

විසි වෙනි සංවත්සර දින සිට ගිවිසුම අවසන් වන කාල පරිච්ඡේදය දක්වා අදාළ පාර්ශවයන් කොටස් හිමිකරගන්නා ප්‍රතිශතය ප්‍රමාණය මත හිමිකම තීරණය කරන බවද එහි දැක්වේ.

මේ අතර ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරන්නේ මෙම කැබිනට් පත්‍රිකාව මගින් කන්තලේ සීනි කර්මාන්තශාලාවට අයත් අක්කර විසි දහසක් විකුණා දැමීමටත් ආසියාවේ විශාලතම මධ්‍යසාර කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා අවසර ලබා දීමත් සිදුව ඇති බවයි.

මේ සඳහා තම විරෝධය පළ කරන බවද එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේය.

මෙි අතර කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට පැවරීම රටට කිසිදු ප්‍රතිලාභයක් නොවන ලෙස කිරීමට උත්සහා කරන බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණෙහි ප්‍රධාන ලේකම් කපිල රේණුක පෙරේරා මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහිදී ඔහු පවසන්නේ මුල් වසර 10ක් තුළ 85%ක ප්‍රතිලාභ විදේශීය සමාගමකට හිමිවන පරිදි 30ස් වසරක ගිවිසුමකට එළැඹීමට මේ ආණ්ඩුව සැරසෙන බවත් මේ ගිවිසුම තුළ කිසිදු වාසියක් රටට අත් පත් නොවී සීනි ඒකාධිකාරයක් පමණක් බිහිවනු ඇති බවයි.
එම නිවේදනය මගින් මූලික ගැටළු කිහිපයක් මතුවන බව පෙන්වා දෙන අතර ඒවා නම්,

1. කර්මාන්තශාලාව පමණක් නොව වගා බිම්ද සමාගමට පවරා දෙන බැවින් දේශීය උක් වහා කරුවා හට මෙයින් කිසිදු ප්‍රතිලාභයක් අත් නොවීම.

2. පැහැදිළි නියාමනයක් නොමැතිව පිරිපහදු නොකළ සීනි ගෙන්වා පිරිසිදු කිරීම සහ ප්‍රති අපනයනය කිරීම සඳහා ගිවිසුම් ගතවීමත් හේතුවෙන්, සමාගමේ ලාභය ඉදිරි වසර 30 දක්වාම සඟවා තම මවු සමාගම් වෙත යැවීමේ අවකාශ උදාකොට දී තිබිම. එහෙයින් රජයට ගිවිසුමේ සඳහන් සුළු ලාභ ප්‍රතිශතයද හිමිවේ යැයි බලා පොරොත්තු විය නොහැකිවීම.

3. සීනි නිෂ්පාදනය, ආනයනය සහ ප්‍රතිඅපනයනය සියල්ලම එක් සමාගමකට හිමිවනසේ මෙන්ම පැහැදිලි කොන්දේසි විරහිතව එළඹෙන මේ ගිවිසුම හරහා සීනි වෙළඳපලේ ඒකාධිකාරය එම විදෙස් සමාගමට හිමිවීම.

යන කාරනා යන කාරනා ප්‍රධාන වන බව පවසා සිටී.

කපිල රේණුක පෙරේරා එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙලෙසම අතීතයේදීද පැවති රජයන් විසින් රටේ ප්‍රධානම වෙළඳ ක්ෂේත්‍රයන් විවිධ විදේශීය සමාගම් වෙත ඒකාධිකාරයක් බිහිවන ලෙස පවරාදීම් සිදු කොට තිබෙන බවයි.

ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි නිෂ්පාදනය විදේශීය සමාගම්වලට පවරා අද වනවිට ශ්‍රීලංකාවට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව ඒ වෙනුවට සැලකිය යුතු අලාභයක් වන තැනට පත්ව තිබීම එයින් එක් ප්‍රභල උදාහරණයක් බවද කපිල පෙරේරා මහතා නිවේදනය මගින් පවසා සිටී.

සීනි වෙළඳපලද අනාගතයේ එවන් තත්වයකට පත් කරනුයේ එදා මෙන්ම අදද යම් පිරිසකගේ පුද්ගලික ප්‍රතිලාභයක් පිණිසම යැයි සිතිය හැක්කේ මේ ආයෝජනය තුළින් රටට හෝ රජයට ප්‍රතිලාභයක් හිමි කර ගැනීමට කිසිදු තැතක් නොගෙන, විදේශීය සමාගමට පමණක් ප්‍රතිලාභ අත්වන පරිදි කටයුතු යෙදීමෙන් බව පැහදිලි වන බව කපිල පෙරේරා මහතා පෙන්වා දේ.

කන්තලේ සීනී සමාගම විදේශීය සමාගමකට තිස්වසරකට බදු දීම සදහා කැබිනට් පත්‍රිකාවක් මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ අත්සනින් ඉදිරිපත් කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.

මෙි පිළිබඳව අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා,

“කන්තලේ සීනි සමාගම ට සම්බන්ධ ඉඩම සිංගප්පූරුව පදනම් කරගත්ත  විදේශික සමාගමකට වසර තිහක් සඳහා ලබා දීමේ ගිවිසුමකට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා පෙබරවාරි මාසෙ 7 වැනිදා.
 මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ අත්සනින් තමයි ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කැබිනට් පත්‍රිකාවට අද අනුමැතිය ලබාදීමට නියමිතයි කියලා වාර්තා වෙනවා.
 මේ හරහා සිද්ධවෙන්නේ කන්තලේ සීනි කර්මාන්තශාලාව සතු ඉඩම විදේශිය සමාගමක් සතු කරන්න යන්නේ වසර තිහක් සඳහා.
 කන්තලේ සීනි කර්මාන්තශාලාව 1960 දී එවකට සමාජවාදී රාජ්‍යයක් ව තිබුණු චෙකොස්ලෝවියාව ආධාර වලින් ආරම්භ කළේ.
 1986 පමණ වන තුරු ම ඒක පූර්ණ රාජ්‍ය කර්මාන්ත ශාලාවක් විදිහට තිබුණා.
 1993 දී ඒක වසා දැම්මා.
 ඒ වහන මොහොත වන විටත් වාර්ෂිකව සීනි මෙට්‍රික් ටොන් දොළොස් දහසක් පමණ ඇල්කොහොල්ස්පි රිට්  ලීටර ලක්ෂ 35ක් පමණ නිෂ්පාදනය කරා ඒ කර්මාන්ත ශාලාව.
 2015දී යහපාලන ආණ්ඩුව තමයි මුලින්ම ඉඩම සහ කර්මාන්ත ශාලාව අයෝජන කිරීමක නමින් පෞද්ගලීකරණය කිරීමක නිරත වුණේ.
 එම් ජී ෂුගර්ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියලා සමාගමක් පිහිටෙව්වා. සමාගමේ කොටස් වලින් සියයට පනස් එකක් රජය සතුයි කියලා කිව්වා. මහා භාන්ඩාගාරය සතු යි කියලා කිව්වා.
 කොටස් වලින් 49% එස් එල් අයි ප්‍රයිවට් ලිමිටඩ් කියලා සමාගමකට අයිති වුණා.
 ඒ සමාගම සිංගප්පූරුව පදනම් කරගෙන තියෙන සමාගමක්‌.
 එය සමාගමේ මූලිකයෝ දෙන්නෙක් විදියට ඉන්නවා මව්සි සලිම් සහ මෙන්ඩල් ගෲප් කියන එක්සත් රාජධානිය බ්‍රිතාන්‍ය පුරවැසියන් දෙදෙනා.
 2016 අගෝස්තු මාසෙ එකොළොස් වැනිදා මේකට අදාළ කොටස් හිමියන්ගේ ගිවිසුමක් අත්සන් කළා.
 ඒ ගිවිසුමට අනුව මුළු ඉඩම ම නෙමෙයි කර්මාන්ත ශාලාව සහ අවට තියන පරිසරය තමයි වසර තිහක් සඳහා පවරන්නේ.
 හෙක්ටයාර 21,000 ක් පමණ තියෙනවා කන්තලේ සීනි සමාගම සතු ඉඩම් ඒකෙන් හෙක්ටයාර දාහතර දහසක් පමණ උක්  වවලා තිබුණා .
 ඒ ඉතුරු ඉඩම් සියල්ල ගොවීන්ට දෙනවා කියලා තමයි එකඟතාවය තිබුණේ.
 මේ කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීම කළු ගගේ ජලය සහිත ජලාශයක් පිහිටවලා ඒ ව්‍යාපෘතිය යටතේ ජලය ගන්න තමයි සැලසුම් කරලා තිබුණේ.
 එහෙම තියෙද්දී තමයි 2019 අගෝස්තු මාසෙ හයවෙනිදා සිංගප්පූරුවේ බේරුම්කරණ අධිකරණයක් විසින් මේ ගිවිසුමේ ඇතැම් කොටස් අවලංගු කළ යුතුයි වෙනස් කළ යුතුයි කියලා දැනුම් දීලා තියෙන්නේ.

 ඒකට අනුව 2020 අවුරුද්දේ මේ ආණ්ඩුව ආවට පස්සේ 2020 ජූලි මාසේ 16 වෙනිදා අධ්‍යක්ෂක මණ්ඩලය යම් වෙනසක් කරලා මේකට අදාල අලුත් ගිවිසුම් සකස් කරලා තියෙන්නේ.
 2021 අගෝස්තු මාසේ 9 වෙනිදා අවුරුදු තිහක බදු ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය දීලා තියෙනවා..
 ඒකට අනුව තමයි 2021 අගෝස්තු මාසේ පස්වෙනිදා අත්සන් කරලා තියෙනවා අවබෝධතා ගිවිසුමක් ඒ අවබෝධතා ගිවිසුම කලින් තිබ්බ එකටත් වඩා සම්පූර්ණයෙන් වෙනස්.
 මේ කර්මාන්ත ශාලාව සඳහා අවට තියෙන පරිසරය විතරක් නෙමෙයි මුළු ඉඩමම මේ සමාගමට පැවරෙනවා.
 ජලය ගන්නේ කළුගඟ ව්‍යාපෘතියෙන්නෙ මෙයි කන්තලේ වැවෙන්.
 ගොවියන්ට බෙදා දෙනවා කියපු ඉඩම් සියල්ල මේ සමාගම සතු වෙනවා.
 සිංගප්පූරු සමාගම නියෝජනය කරන මව් සී සලීම් තමයි එම් ජී ෂුගර් ප්‍රයිවට් ලිමිටඩ් කියන සමාගමේ සභාපති වරයා විදියට ඉන්නේ.
 මෙන්ඩල් ගෲප් තමයි  ඒ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විදියට ඉන්නේ.

 මේ සමාගම ඔවුන් අතින් පාලනය වෙන්නේ. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 300 ක් වැය වෙනවා. ඩොලර් මිලියන 300 ඩොලර් මිලියන හැත්තෑවක් තමයි මේ සමාගම ලබා දෙන්නේ.
 නමුත් ලාභය බෙදා ගනිද්දී මේ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදීමට නියමිත පත්‍රිකාවේ තියෙන්නේ පළමු අවුරුදු 10 ඇතුළෙ ලාභයෙන් සියයට 85ක් අදාල ආයෝජකයන්ට යනවා.
 දෙවැනි අවුරුදු දහය 75% ක් අදාල ආයෝජකයන්ට යනවා.
 මේ වසර 30 ක බදු ගිවිසුමට අදාළ කැබිනට් අනුමැතිය දැන් ලබා දෙන්න යනවා. මේක වහාම නැවැත්විය යුතුයි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles