කප්පම් ගන්න ඇමතිවරයෙක් ගැන ප‍්‍රකට සමාගම් හිමිකරුවෙක් හෙළි කරයි

0
316

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් අක්කර රුපියල බැගින් වූ බදු මුදලකට ලබා දී ඇතැයි මල්දෙණිය වතු සමාගමේ සභාපති ධම්මික එළියපුර මහතා සදහන් කරයි.

ඇතැම් ඉඩම් ලබා දී ඇත්තේ අක්කර 75 ක් පමණ වන බදු මුදලකට බව ද ඔහු චෝදනා කරයි.

මේ සඳහා දකුණේ ඇමතිවරයකුට කප්පම් දෙමින් ඇති බවත් ඒ සඳහා සමාගම් විසින් අත දිග හැර වියදම් කරන බව ද ඔහු හෙළිදරව් කළේය.

මිලියන හත්දහසක් පමණ වටිනා කර්මාන්ත ශාලා සියල්ල ගලවා යකඩ වලට විකුණා ඇති බවත් මේ ගැන කාට කිව්වත් පලක් නැති බව ද ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here