Saturday, January 25, 2025

කබ්රාල්ගේ විශ්‍රාම වැටුප ජනාධිපතිගේ විශ්‍රාම වැටුප මෙන් 15 ගුණයක්

ලබන සතියේ දෙවන වරටත් මහ බැංකු අධිපති ලෙස වැඩ භාර ගැනීමට නියමිත අජිත් නිවාඩ් කබ්රාල් විශ්‍රාම වැටුප් දෙකකට හිමිකම් කියන අතර ඔහුගේ විශ්‍රාම විශ්‍රාම වැටුප ජනාධිපතිගේ විශ්‍රාම වැටුප මෙන් 15 ගුණයක් පුරෝකථනය කර තිබේ.

මෑතකදී මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනා ක්‍රමය යටතේ ඔහුගේ හිටපු වසර 8 ක සේවා කාලය සඳහා හිඟ වැටුප් සහිතව විශ්රාම වැටුපක් ලැබීමට නියමිත අතර ඔහුගේ දෙවන ධූර කාලය අවසන් වන විට තවත් විශ්රාම වැටුපක් සඳහා ද සුදුසුකම් ලබයි.

මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. එමෙන්ම මෙවර ඔහුගේ වැටුප මීට පෙර ඔහු ධූරය හොබවද්දී ලද වැටුපට වඩා ඉහළ බැවින් නව විශ්‍රාම වැටුප ඔහුගේ අනෙක් විශ්‍රාම වැටුපටද වඩා ඉහළ වනු ඇති බවයි.

මේ අතර, කබ්රාල්ට ඉඩ දෙමින් විශ්‍රාම යන මහ බැංකුවේ වසර දෙකක් පමණක් සේවය කළ ඩබ්ලිව් ඩී ලක්‍ෂ්මන් හට ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපක් ලැබීමටද නියමිත බවත් පැවසේ.

හිටපු සහ වත්මන් මහ බැංකු අධිපතිවරුන් කිහිප දෙනෙකු සඳහා හිඟ වැටුප් සහිතව විශ්රාම වැටුප් ගෙවීමට මුදල් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවත් මුදල් මණ්ඩලය මහ බැංකු අධිපතිවරයා විසින් මෙහෙයවනු ලැබේ.

මහ බැංකු මහලේකම් කාර්යාලීය දෙපාර්තමේන්තුව එම තීරණය ක්‍රියාත්මක කරමින් හිඟ ගෙවීම් සඳහා කටයුතු කරමින් සිටියි.

අනෙකුත් රාජ්‍ය අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුප සඳහා සුදුසුකම් ලැබීමට අවම වශයෙන් අවුරුදු 10 ක සේවා කාලයක් අනිවාර්‍යව තිබියදීත් නව යෝජනා ක්‍රමය යටතේ සියළුම මහ බැංකු අධිපතිවරුන් සිය සේවා කාලය නොසලකා විශ්‍රාම වැටුප් සඳහා සුදුසුකම් ලබයි.

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා තමාට විශ්‍රාම වැටුපක් ලබා දෙන ලෙස ඉල්ලීම් කිරීමෙන් පසුව මුදල් මණ්ඩලය විසින් මෙම කාරණය ගැන අවධානය යොමු කළේය.

අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා මේ සතියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කබ්රාල් මහතා 2006 ජූලි 1 සිට 2015 ජනවාරි 8 දක්වා මහ බැංකු අධිපති ලෙස සේවය කළ බවත් ඔහුගේ පත්වීම් ලිපි‍යේ ඔහුට විශ්‍රාම වැටුපක් හිමි බව සඳහන්ව ඇති බවත් ය.

කෙසේ වෙතත්, 1998 වසරේ සිට මහ බැංකු අධිපතිවරුන් විශ්‍රාම වැටුපකට හිමිකම් නොකීවේ එය යෝජනා කළ යුතු මහ බැංකු ආයතනික කළමනාකරණ කමිටුවේ ප්‍රධානීත්වයත්, එය අනුමත කළ යුතු මුදල් මණ්ඩලයේ සභාපතීත්වයත් යන තනතුරු දෙකම මහ බැංකු අධිපතිවරයා විසින් දැරීම හේතුවෙන් එසේ සිදුකරන අනුමත කිරීමක් ආචාරධර්ම ඉක්මවා යාම හේතුව නිසාය.

කෙසේ වෙතත් පසුගිය යහපාලන රජය සමයේත් කබ්රාල් මහතා මෙම අභියාචනය ඉදිරිපත් කළ අතර එවකට සිටි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලද අතර නව පාලනතන්ත්‍රය යටතේ ඔහු සිය උත්සාහයන් නැවත අරඹා ඇති බවයි පෙනෙන්නට ඇත්තේ.

එමෙන්ම, පසුගිය 6 වනදා පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පෙන්වා දුන් ආකාරයට මහබැංකු අධිපතිවරයෙකුගේ යෝජිත විශ්‍රාම වැටුම මන්ත්‍රීවරයෙකුගේ විශ්‍රාම වැටුප ඉක්මවවා ගොස් ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම වැටුප මෙන්ද 15ගුණයක තරම් ඉහළ වැටුපක් වන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles