Friday, January 24, 2025

කබ්රාල්ට එරෙහි පෙත්සම ගැන නියෝගය නොවැ.3දා

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නා.

ඒ එම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමෙන් අනතුරුවයි.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඇතුලු‍ පිරිසකුයි නම්කර ඇත්තේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වශයෙන් කටයුතු කළ සමයේ රුපියල් බිලියන ගණනක අලාභයක් සිදුව ඇති බවට පෙත්සම්කරු විසින් සඳහන් කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles