කබ්රාල් අධිපති වී ගතවූ කාලයට රු මිලියන 47840ක් අච්චු ගහලා

0
327

මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්වීමෙන් පසුවරු. මිලියන 47,840 ක් හෙවත් රුපියල් කෝටි 4784 ක මුදලක් රජය විසින් අච්චු ගසා ඇතැයි හිටපු ආණ්ඩුකාර රංජිත් කිර්ති තේනනකොන් මහතා පවසයි.

ඊයේ (සැප්. 24දා) රජය රු මිලියන 1890 ක මුදලක් අච්චු ගසා ඇති. පසුගිය සැප්. 16 දින ද රජය රු. මිලියන 45950 ක  මුදලක් අච්චු ගසා ඇති බවත් ඔහු පවසයි.

“අච්චු ගැසූ මුදල් ප්‍රමාණය ගැන දළ අදහසක් ලබා ගැනීමට මේ මුදල් කණ්දරාව කොපමණ දැයි සරළව පැහැදිලි කළ හැකිය.  2019 ලංකාවට පොහොර ආනයනය සඳහා වැය වූයේ ඩොලර් මිලියන 220 කි.  අච්චු ගැසූ මුදල රටට බත, එළවළු, පළතුරු, මල්, කුළුබඩු ඇතුළු සකලවිධ වගාවන් සඳහා අවශ්‍ය පොහොර ආනයනයට වැය වන මුදලට වඩා වැඩිය.  මත්තල ගුවන්තොටුපල සෑදීමට වැය වූයේ ඩොලර් මිලියන 252 කි.  අච්චු ගැසූ මුදලින් තවත් ගුවන්තොටුපලක් හදන්නට හැකිය.

කබ්රාල් අධිපති ධූරයට පත් වන විට මහබැංකුවේ රජයේ සුරැකුම්පත් වන මුහුණ අගය රු. බිලියන 1284.37 ක් විය.  අද වන විට එය රු. බිලියන 1332.21 කි.පසුගිය සතිය තුල අච්චු ගසා ඇති මුදල රු. මිලියන 47,840 ක් හෙවත් කෝටි 4784 කි.” යැයි ඔහු සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here