කබ්රාල් ක්‍රියාත්මක කිරීමට සැරසුණු දොලවත්තගේ යෝජනාවට මාස 3 ක් තිස්සේ ප්‍රතිචාරයක් නෑ

0
297

විදේශන්හිදීම ඩොලර් ගෙවා මෙරට වාහන ආනයනය කර ඒ සඳහා වන බදු ද ඩොලර් වලින් ගෙවීම් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා කළ යෝජනාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින්ද ඇගයීමට ලක් කළ අතර, මහ බැංකු අධිපතිවරයා විසින් යොමු කළ යෝජනාවට මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නැත.

අදාළ යෝජනාව මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර දැනට මාස තුනක කාලයක් ද ඉක්මවා ගොස් තිබේ.

මහ බැංකු අධිපතිවරයා මෙන්ම යෝජනාව ඉදිරිපත් කළ මන්ත්‍රීවරයාද පෙන්වා දී ඇත්තේ මේ ක්‍රමයට වාහන ගෙන්වීම තුළින් රට තුළ මතුව ඇති වාහන ආනයනය අර්බුදයට සහ ඩොලර් ප්‍රශ්නයට ද එකවර විසඳුම් සෙවිය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් මෙරට වාහන ආනයනකරුවන්ද යහපත් ප්‍රතිචාර දක්වා ඇති අතර ඒ සඳහා සූදානම්ව සිටින බවද දැනුම් දී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here