කබිරාල් මහබැංකුවට යද්දී කැටගොඩ නැවතත් පාර්ලිමේන්තුවට

0
336

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන පුරප්පාඩුව සඳහා ජයන්ත කැටගොඩ මහතා පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

මහ බැංකු අධිපති ධුරයට පත්කිරීමට නියමිත රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් වූ පසු පුරප්පාඩු වන මන්ත‍්‍රී ධුරයට ජයන්ත කැටගොඩ මහතා පත්කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.
මීට පෙරද ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුව සිටි අතර බැසිල් රාජපක්‍ෂ මහතා මන්ත‍්‍රීධුරයට පත්කිරීම සඳහා ඉල්ලා අස්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here