කබිරාල් වැඩ පෙන්වයි.තෙල් ගන්න මහ බැංකුවෙන් සල්ලි දෙයි.ඩොලර් සංචිතත් අඩු වෙයි

0
339

ඉදිරි මාස තුන සඳහා ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් රජය ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
ඒ අනුව මාස තුනක් සඳහා ඉන්ධන ආනයනය අවශ්‍ය කරන අතිවිශාල ඩොලර් ප්‍රමාණය මහ බැංකුවේ ඩොලර් සංචිතයෙන් නිදහස් කරනු ඇති බවත් එසේ වුවහොත් ඩොලර් සංචිතය තව දුරටත් අඩු වනු ඇති බවත් ආර්ථික විශේෂයෝ පවසති.
ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් සහනක් රජය බලාපොරොත්තුවෙන් සිටින අතර එවැනි ආකාරයකින් ඉන්ධන මිලදී ගතහොත් එය ආර්ථිකයට බරක් නොවන බවත් ආර්ථික විශේෂයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.
ශ්‍රී ලංකා ඩොලර් සංචිතය බිලියන දෙකක් (කෝටි 200) දක්වා පහළ ගොස් ඇති බවට කියවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here