Friday, September 20, 2024

කරදියාන කුණු කන්දට එරෙහිව ජනතා විරෝධය දැඩිවෙයි..!

අක්කර 37 ක වටිනා තෙත් බිම් ඇතුළු පරිසර පද්ධතිය මෙන්ම වේරැස් ගඟ හරස් කරමින් දිනෙන් දින අහස උසට යන කරදියානු කුණු කන්දට එරෙහිව පසුගියදා ජනතාව පාරට බැස දැඩි විරෝධතාවක් දැක්වීය. බ්ලූමැන්ඩල්, මීතොටමුල්ල මෙන්ම දිනෙන් දින ජනතාවට නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය අහිමිකරන කුණු කන්ද ව්‍යාප්ත කිරීම වහාම නතරකර හැකි ඉක්මණින් විසඳුම් ලබාදෙන ලෙස ජනතාව රජයට සහ පරිසර බලධාරීන්ට මෙහිදී බලකර සිටියහ.

එම විරෝධතාවය පසුගිය 9 වැනිදා පිළියන්දල,බෝකුන්දර ප්‍රදේශයේදී පැවැත්විණි.මේ සදහා පූජනීය මහා සංඝරත්නය නියෝජනය කරමින් රාජකීය පණ්ඩිත තුම්බෝවිල ධම්මරතන හිමි,රාජකීය පණ්ඩිත මංගලපුර පියරතන හිමි වැඩම කල අතර වේරහැර,තුම්බෝවිල,බෝකුන්දර,කරදියාන සහ බොරලැස්ගමුව යන ගම්මානවල අගතියට පත් ජනතාව සහ පරිසරවේදින් විශාල පිරිසක් සම්බන්ධවිය.

“පරිසර ජයග්‍රහණ ජාතික ව්‍යාපාරයේ“ සංවිධානයෙන් පැවති මෙම උද්ඝෝෂණයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වූ ජනතාව කියා සිටියේ මෙම ප්‍රශ්නයට වහා විසඳුම් ලබා නොදුනහොත් මින් එහා ගිය පියවරක් ගැනීමට ජනතාව සූදානම් බවත්, ප්‍රදේශ ගණනාවක ජනතාව පීඩා විඳින මේ කුණු කන්ද නිසා දැවැන්ත පරිසර සහ සෞඛ්‍ය ප්‍රශ්න ගණනාවක්ම නිර්මාණය වී ඇති බවයි.

1923338_10205405051556398_6719588592876922113_n

10155755_10205405147318792_815244799317186304_n

10441118_10205405163319192_5382451073429646583_n

ඡායාරූප – තාරක රණවීර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles