Thursday, January 23, 2025

කර්නන් – අලුත්ම චිත්‍රපටයක් ගැන කතාව

නිර්මාණ විචාරක ලක්ෂ්මන් අරංවල විසිනි.
[email protected]

‘Karnan’ (2021)

Karnan නරඹන්නට තෝරාගන්නට ප්‍රධානතම හේතුව විදිහට ප්‍රධාන රංගන ශිල්පියා Dhanush නොව, අධ්‍යක්ෂක Mari Selvaraj වීමයි මෙහි සුවිශේෂී ලක්ෂණය වෙන්නේ. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වූ ‘Pariyerum Perumal’ (2018) නරඹා ඇති අයෙක්ට ඊටඅමුතුවෙන් හේතු කාරණා පහදා දීමට අවශ්‍ය වෙන්නෙ නෑ. නමුත් Dhanush නම් දමිළ සිනමාවේ අද්විතීය රංගන ශිල්පියෙක් හාඑක්ව කරනා වැඩක් නිසාම මේ Karnan වෙනුවෙන් ලොකු උනන්දුවක් ඇතිවුණා. වර්තමාන දමිළ සිනමාවේදී හමුවන සුපිරි තරුඅතරින් Dhanush විසින් ගොඩනගාගත් අනන්‍යතාවය හා පෑහෙන්නට සමත් කිසිවෙකුත් නෑ කියන්නට පුළුවන්. Karnan තුළින් ඔහුවිසින් එය යළිත් වතාවක් සාක්ෂාත් කරනවා.

චිත්‍රපටයට පාදක වෙන්නේ ඉන්දියාව පුරාම අනාදිමත් කාලයක් පුරාම රජයනා කුල මල ගැටුමක්. විශේෂයෙන්ම 1995 වර්ෂයේදීකුලයෙන් ඉතාම පහත් යැයි සම්මත වන දාලිත් කුලයේ වැසියන් විසූ තමිල්නාඩුවේ කොඩියාන්කුලම් ගම්මානයට පොලිස් භටයින්600 දෙනෙකුගෙන් සමන්විත බලඇණියක් විසින් එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරයක් ආශ්‍රයෙන් Karnan නිර්මාණය කර ඇති බවවාර්තා වුණා. කුල මල භේද අවුස්සමින් සාමයට බාධා කරනා මෙවන් නිර්මාණ තහනමට ලක් කල යුතු බවට විරෝධතා පවා එල්ලවුණා. චිත්‍රපටයේ කතන්දරය කොඩියාන්කුලම් සිදුවීමට සම්බන්ධයක් නැති බවට අධ්‍යක්ෂකවරයා විසින්ම පසුව නිවේදනය කරනුලැබුවා. කෙසේ නමුත් චිත්‍රපටයෙන් දරුණු ලෙස මතු කරන්නේත් කුලයෙන් පහත් වූ නිසාම පරම්පරා ගණනාවක් තිස්සේමවිවිධාකාර කෙනෙහිලිකම් වලට ලක් වූ පොඩියාන්කුලම් කුඩා ගමක අහිංසක ගම්වැසියන්ට මුහුණ දෙන්නට සිදුවන භයංකරවාතාවරණයක් සම්බන්ධවයි. කුලයෙන් උසස් යැයි සම්මත අසල්වැසි ගමේ තාඩන පීඩන වලට නිරන්තරයෙන් ලක්වන මේ කුඩාගම්මානයේ වෙසෙනා හිත හයිය නහර කාරයෙක් වන කර්නන් වටායි කතන්දරය ගොඩනැගෙන්නේ. පොඩියාන්කුලම් යනු ගමක්විදිහට සලකන්නේ එහි වැසියන් පමණයි. යාබද ගම්මාන සියල්ලන්ම එය සලකන්නේ හිස රහිත ප්‍රතිමාවකට වැඳුම් පිදුම් කිරීමඇතුළු අමුතුපහේ චාරිත්‍ර වාරිත්‍ර වල නියැලෙන අමුතුම ජන කොට්ඨාශයක් වෙසෙන මුඩුබිමක් ලෙසටයි. ගමටම වෙන්වූ බස්නැවතුමක් නොමැති හේතුව නිසාවෙන්ම මෙහි වැසියන්ගේ ජන ජිවිත වලට එල්ල වන පීඩනය සුළුපටු එකක් නොවෙයි. ඒ ඔස්සේපැන නගිනා අර්බූදයක් දුරදිග යාමක් හේතුවෙන් ආරම්භ වන ගැටුමක් නිසාවෙන් සමාජයක් ඉදිරියේ සුණු විසුණු කර දැමූ තමඅයිතීන් වෙනුවෙන් හඬක් නඟන්නට, තමන්ව තලා පෙළා දමනා ප්‍රබලයාට එරෙහිව හිස කෙළින් තබාගෙන නැඟී සිටින්නටඅවස්ථාවක් හිමිවෙයි. නමුත් ඛේදවාචකයකට මුල පුරනු ලබයි

මුලිනුත් සඳහන් කළා වගේ කර්නන් නම් චරිතය වෙනුවෙන් Dhanush ගේ දායකත්වය උපරිමයෙන්ම කැපී පෙනෙනවා. තරමක්දුරට ‘Asuran’ (2019) චිත්‍රපටයට තරමක් සමාන කතා වස්තුවක් නිසාම නරඹන අතරතුරේදී Asuran හි චරිතයත් මතකෙට එනඑක වළක්වන්නට බැහැ. එමෙන්ම Asuran හි නිෂ්පාදකවරයා වන Kalaippuli S Thanu ම තමයි මෙහි නිෂ්පාදකයා වෙන්නෙත්. චිත්‍රපටයේ ඇතැම් හිංසාකාරී දර්ශන නැරඹීම අපහසුකරවන මට්ටමින් පවතින්නේ ‘Visaranai’ (2015) හි අල්ට්‍රා ප්‍රෝ මැක්ස්වර්ෂන් එකක් පරිද්දෙනුයි. සිනමා ශාලාවක පුළුල් තිරයක නැරඹීම නම් කොහෙත්ම සුන්දර අත්දැකීමක් නෙමෙයි. විශේෂයෙන්මදරන්නට බැරි තරමේ වද වේදනාවන් නිසවෙන් නිකුත් වන වේදනාකාරී විළාපයන් හි හඬ මුසුව සිනමා ශාලාවෙන් පිටතටපැමිණියාට පසුවත් දෙසවන්හි දෝංකාර දෙන තරමටම ප්‍රබලයි. 

සිනමා ශාලාවකම නැරඹීම වඩාත් සුදුසු යැයි නිර්දේශ කරනට හැකි තවත් විශේෂ කාරණවක් විදිහට Santhosh Narayanan ගේසංගීතය සඳහන් කරන්නට පුළුවන්. චිත්‍රපටයේ අනුවේදනීය සොබහවයේ තීව්‍රතාවය වඩාත් තියුණු කරවනා සාධකයක් විදිහටසංගීතය තුළින් ඉස්මතු කරවනා සංවේදීත්වය හදවතට තදින්ම කා වදින සුළුයි. ඒ වගේම ප්‍රබලයාගේ පීඩනයට එරෙහිවදුබලයාගේ නැගී සිටීම තුළින් මතුකරනා වීරත්වය සඳහාත් සංගීතයෙන් ලැබෙන්නේ මහඟු දායකත්වයක්. කැපී පෙනෙනා තවත්සාධකයක් වෙන්නේ Theni Eashwar ගේ රූපකරනයයි. සිනමා ශාලාවක ලබනා අත්දැකීම වඩාත් සුවිශේෂී එකක් කරවනාරූපරාමු චිත්‍රපටය පුරාවටම දකින්නට පුළුවන්. මේ සෑම දෙයක්ම අධ්‍යක්ෂකවරයා විසින් කලාත්මකව මෙහෙයවා තිබෙනා අන්දමඅතිවිශිෂ්ඨයි. 

කර්නන් චරිතය වටා ගොඩනගා ඇති ගම්මානයේ චරිත සියල්ලම හොඳ සහායක් ලබා දෙනවා. කර්නන්ගේ සීයා, අක්කා සහපෙම්වතියගේ චරිතවල හැසිරීම් මෙහිදී වඩාත් කැපී පෙනෙනවා. ඒ වගේම කතන්දරයට අවශ්‍යම කරනා දුෂ්ට චරිතය දකිනාවාරයක් වාරයක් පාසාම කීතු කීතු කර දමන්නට හිතෙනා අන්දමේ එපාමකරපු සොබහවයකින් ගොඩනගා තිබෙනවා. කතන්දරයේමුල සිට අග දක්වාම පවත්නා රිද්මයේ උපරිමයක් Interval block එකේදී දකින්නට ලැබුණත් අවසන් ජවනිකාව තුළදී එයඑයාකාරයෙන්ම අඩංගු නොවූ සෙයක් ඇතැමෙකුට හැඟෙන්නට පුළුවන්. ගමක් රකිනට උපන් වීරයා විසින් අවසානයේදී සතුරන්නසා දමමින් දුෂ්ටත්වය මුලිනුපුටා දමනා ආකාරය සමන්විත වෙන්නේ ප්‍රේක්ෂකයා අපේක්ෂා කරනා අවසන් ජවනිකාවක මට්ටමින්නෙමෙයි කියන්නටත් පුළුවන්. කොහොම නමුත් නිර්මාණකරුවන් විසින් චිත්‍රපටය පුරාම චිත්‍රණය කරනා රූපමය සහ ශබ්දමයපෙළහර උපරිමව විඳගන්නට නම් අනිවාර්යයෙන්ම සිනමා ශාලාවකම නැරඹිය යුතු වනවා.

***************************************************

‘Karnan’

Written and Directed by

Mari Selvaraj

Produced by

Kalaipuli S. Thanu

Starring

Dhanush

Lal Paul

Natarajan Subramaniam

Yogi Babu

Rajisha Vijayan

Gouri G. Kishan

G. M. Kumar

Lakshmi Priyaa Chandramouli

Music by

Santhosh Narayanan

Cinematography

Theni Eswar

Country

India

Language

Tamil

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles