කර්මාන්තපුර 32 තවත් පුළුල් කරමින් නව කර්මාන්තපුර ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

0
300

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දැනට ක්‍රියාත්මක කර්මාන්තපුර 32 තවත් පුළුල් කරමින් නව කර්මාන්තපුර ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විනි.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දැනට ක්‍රියාත්මක කර්මාන්තපුර 32න් බස්නාහිර පළාත තුළ කර්මාන්තපුර 8ක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒවායේ ධාරිතාව දැනට ඉක්මවා ඇති අතර නව කර්මාන්තකරුවන් 165කට වැඩි ප්‍රමාණයක්, නව රැකියා අවස්ථා 1500 ක් පමණ නිර්මාණය කරමින් නව කර්මාන්ත ආරම්භ කිරීම සඳහා බස්නාහිර පළාත තුළින් කර්මාන්තපුර තුළ අවස්ථාව ඉල්ලුම් කර ඇති අතර ඒ අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම සාකච්ජාව පැවත්විය.

නව කර්මාන්තපුර ඉදිකිරීම සඳහා හදුනාගෙන ඇති පාලින්දනුවර, මාතර වැලිපිටිය චාලි මවුන්ට්, මතුගම වැලිපැන්න, මතුගම නාරවිල යන ප්‍රදේශයන්ගේ ඉඩම් ඒ සඳහා යොදාගැනීමට අවශ්‍යය කටයුතු සම්පාදනය කිරීම, ඉඩම් පවරා ගැනීම, යටිතල පහසුකම් සැකසීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදි සාකච්ඡා විය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අධ්‍යක්ෂක වින්දිත පියරතන, ඉඩම් අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ වැවිලි සමාගම නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here