පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ කර්මාන්තඅමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.
විමල් වීරවංශ අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ කර්මාන්ත අමාත්‍ය ධූරය සඳහා එස්.බී දිසානායක පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ද මේ අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.