ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් 14 දෙනෙකුට හා හෙද හෙදියන් 65 දෙනෙකුට අගොස්තු මස 01 වැනිදින සිට ඊයේ (20) දින දක්වා කාලය තුළදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා. මේ බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා විසින්ද තහවුරු කර තිබෙනවා.




