Wednesday, January 1, 2025

කරුණාකරල පුත්තුන්ගෙන් පළිගැනීමේ අධම ක්‍රමය නවත්වන්න – කබ්රාල්

තමන්ගේ පුත්‍රයා 2016 වසරේ සිටම පෝට්සිටි ව්‍යාපෘතියෙහි සේවය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පිළිගෙන තිබේ. 

“අයියෝ, ඔබතුමන්ලා මේ දේශපාලනය කරනකොට ඔයවගේ පල් පහත් දේශපාලනය කරන්න එපා දරුවන්ට. ජනාධිපතිතුමාගෙ දරුවන්ටත් බනිනවා. බැසිල් රාජපක්ෂගෙ දරුවන්ටත් බනිනවා. මගෙ දරුවන්ටත් මොකක් හරි කියනවා. එක දවසක් කිව්වා මගෙ දුවෙක් ආවයි කියලා එංගලන්තෙ ඉඳලා. මතකයි නේද ? පොඩ්ඩක් ඉන්නකො මං කියනකල්. ඔබතුමන්ලා ඒවාගෙ පහත් දේශපාලනයක් කරන්න එපා. 

මගේ දරුවා හොඳට ඉගනගත්ත දරුවෙක්. එතුමාට උපාධි තියෙනවා පිටරටවල් වලින්. එතුමාට ඕනෙ තැනක ගිහින් වැඩකරන්න පුළුවන්. ඉතිං එයා හොඳ රස්සාවක් කරනවා. පෝට්සිටි එකෙ වැඩ කෙරුවාට මොකද්ද තියෙන ප්‍රශ්නෙ ඕගොල්ලොන්ට ? 2016 ඉඳලා වැඩ කරනවා. 

මම මගෙ දරුවා වෙනුවෙන් නෙවෙයි දරුවන් 83000ක් වෙනුවෙන් පෙනී සිටින්නෙ. ඔබතුමන්ලා ඒක තේරුම් ගන්න. ඔබතුමන්ලාගෙ මේ පහත් දේශපාලනය නවත්තන්න. අපෙ දරුවන්ටත් අයිතියක් තියෙනවා ඕනෙ තැනක ගිහිල්ලා වැඩ කරන්න. ජනතාව දන්නවා, අපි හංගලා නෑනෙ. මගෙ දරුවා හැංගිලා වැඩකරලා නෑ. තේරුණාද ? අර ග්‍රීක බොන්ඩ්ස් ගැන 2014 දීපු නඩු තීන්දුව ඕගොල්ලො දානවද ? අනිත් චැනල් හරි දාන්න. මේක දාන්න මම කිව්වයි කියලා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මේ බව පැවසුවේ පෙරේදා දිනයේදී උලපනේ සුමංගල හිමියන් කළ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (18) මහනුවරදී මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles