Thursday, September 19, 2024

කරුණා නඩුවෙන් නිදහස්

රුපියල් කෝටි 09කට ආසන්න වටිනාකමකින් යුත් රජයේ වෙඩි නොවදින වාහනයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් ඔහු මුදාහැරීමට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර සිටියදීත් රජයේ වාහනයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් විනයාගමූර්ති මුර්ලිදරන් මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබුණි.
අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සැකකරු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට නීතිපතිවරයා විසින් දැනුම්දී ඇති බවයි.
ඒ අනුව විනයාගමූර්ති මුරලිදරන් මහතා මුදාහැරීමට පියවර ගන්නා ලෙස  ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහු මුදාහැරීමට නියෝග කළ අතර බැඳුම්කරයක් මත මුදාහැර තිබූ අදාළ මෝටර් රථය ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදෙන ලෙසද නියෝග කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles