Monday, September 23, 2024

කරුණු පැහැදිලි කළත් පලක් වී නෑ.අද හෙටම දැඩි තීන්දුවක් ගන්නවා – අගමැති

රට පුරා පැනනැගී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය අනුව පවතින සංචරණ සීමාවන්ට එහා ගිය දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

කොවිඞ් වසංගත තත්ත්වය නොසලකා සමහරු සෞඛ්‍ය උපදෙස් පැහැර හැරීම දිගින් දිගටම සිදුවන බවත් ඔවුන්ට කොතෙක් කරුණු පැහැදිලි කළත් පලක් වී නැති බවත් අගමැතිවරයා සඳහන් කළා.

මේ අනුව අද හෙටම දැඩි තීන්දුවලට එළැඹෙන බවද පෙන්වා දෙන අගමැතිවරයා රටේ ජනතාවගේ ජීවිත බේරාගැනීම සඳහා ආණ්ඩුව සෑම උත්සාහයක්ම ගන්නා බවද ජනතාවගේ සහයෝගය නොමැතිව කොරෝනා තත්ත්වය මැඩපැවැත්වීමට නොහැකි වන බව ද කියා සිටියා.

කොවිඞ් එන්නත් දිගින් දිගටම ලැබෙමින් පවතින බවත් පළමු හා දෙවන මාත‍්‍රා ජනතාවට ලබා දීමෙන් පසු අවශ්‍යතාවක් ඇති වුවහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව තුන්වන එන්තත් මාත‍්‍රාවක් අපට ලබා ගැනීමට හැකි බවත් ඒ මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම පළමු හා දෙවන එන්නත් මාත‍්‍රා ලබාගත යුතු යැයි ද එන්නත ප‍්‍රතික්‍ෂේප කළ පුද්ගලයන් පවා එන්නත් ලබා ගැනීමට දැඩි උත්සාහයක් ගන්නා බව පෙනී යන බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජාතික පුවත්පතකට අදහස් පළ කරමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles