කලක් යුවතියන් කැළඹූ හෂාන්ට කාන්තාවන් බාර දෙයි…

0
611
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හා සිව් ඉරියව් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, අදාළ පත් කිරීම ජුනි මස 01 වැනි දා සිට ක්‍රියාත්මක බවයි.

හෂාන් තිලකරන්ත මහතා මීට පෙර ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ය.

මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙට් හැරප් මහතා පත් කර ඇත.

හැරප්ගේ සේවා කාලය 2021 වසරේ මැයි මස සිට ඉදිරි වසර 02 ක කාලයක් දක්වා බල පැවැත්වෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here