කල් ඉකුත් එන්නත් තොග පිටින් ලොව පුරා

0
348

ලෝකයේ කිසිදු එන්නතක් ලබා නොගත් බිලියන 3.5ක් දැනට සිටින බවත් ඒ අතර ලෝකයේ පොහොසත් රටවල් එන්නත් හිතු හැටියේ භාවිත කරමින්, බූස්ටර් මාත්‍රා ලෙස ලබා දෙමින්, ඉවත දමමින් සහ ඉදිරි වසර සඳහා තොග පොදි ගසමින් සිටින බව ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවන් පෙන්වා දෙයි. මේ වන විට සමහර රටවල් සතු එන්නත් කල් ඉකුත් වීම නිසා තොග පිටින් ඉවත් කරන බවද වාර්තා වේ.

අමෙරිකාවේ උතුරු කැරොලිනාවේ පමණක් කල් ඉකුත් වීමට ආසන්න එන්නත් මාත්‍රා ලක්ෂ 8ක් පවතින බව වාර්තා වේ. ඊශ්‍රායලය සතු ෆයිසර් එන්නත් 80,000ක් ජූලි මස අගදී කල් ඉකුත්ව ඉවත් කර ඇත. පෝලන්තය සතු විවිධ එන්නත් මාත්‍රා 73,000ක්ද ඉවත දමා ඇත. ස්ලෝවැකියාවට ලද රුසියානු ස්පුට්නික් මාත්‍රා 160,000ක් කල් ඉකුත්වීමට ආසන්න වීම නිසා නැවත යවා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව අගෝස්තු 9 වන විට අප්‍රිකාවේ කල් ඉකුත්වූ විවිධ මාත්‍රා 469,868ක් පවතියි. බොහෝ එන්නත් සිය රටවලට එන විටම කාලය සැහෙන ප්‍රමාණයක් ගත වී හමාර බව එම සංවිධානයේ අප්‍රිකානු කලාප සම්බන්ධිකාරක  රිචර්ඩ් මිහිගෝ කියයි

Deshaya.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here