Friday, September 20, 2024

කලා පොළ 2017 එක් දිනක දී මිලියන 12 කට වැඩි අලෙවියක්

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන එළිමහන් කලා පොළ මෙවර 24 වනි වරටත් කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ දී පසුගිය දා පැවත් වූ අතර, එය දිවයිනේ නන් දෙසින් පැමිණි ශිල්පීන් 327 කට අධික පිරිසක් හා 22,000 කට අධික ප්‍රේක්ෂකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

රුපියල් මිලියන 12 කට වැඩි විකුණුම් ආදායමක් වාර්තා කිරීමට සමත් වූ ‘කලා පොළ 2017” ජෝර්ජ් කීට් පදනම හා ජෝන් කීල්ස් සමූහය එක්ව සංවිධානය කරනු ලබන වාර්ෂික එළිමහන් කලා සල්පිලකි.

මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Bryce Hutchesson මහතා සහභාගී වූ අතර, ජෝර්ජ් කීට් පදනමේ සභාපතිවරයා ඇතුළු භාරකාර මණ්ඩල සාමාජිකයන් ද, ජෝන් කීල්ස් සමූහයේ අධ්‍යක්ෂකවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව මණ්ඩල සාමාජිකයන් ද මේ සඳහා සහභාගි විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles