Saturday, September 21, 2024

කලිසම ගලවන්න ඉස්සෙල්ලා අපට සරම මහගන්න තිබුණා, දැන් අපට සරමත් නෑ, කලිසමත් නෑ ! – ඩිලාන්

ගොවියා කාබනික පොහොරවලට හුරුකිරීමේ ව්‍යාපෘතිය නිසි සැලසුමක් ඇතිව කළේ නම් සාර්ථක කරගැනීමට තිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. 

 “ගොවියා කාබනික පොහොරවලට හුරු කිරීමත් සාර්ථක වෙනවා ඒක සැලැස්මක් ඇතිව කළා නම්. අපි කාබනික පොහොර ටික හදාගෙන ගොවිතැන් කරපු මිනිස්සු, ඊට පස්සෙ කෙමෙන් කෙමෙන් බටහිරින් ආපු රසායනික පොහොරවලට අහුවෙලා කෘෂිකර්මාන්තයේ කලිසම ගහගෙන තමා හිටියෙ. ඒ කලිසම ගලවන්න ඕනෙ, නැත්නම් අපි කන්නෙ වස විස. හැබැයි කලිසම ගලවන්න ඉස්සෙල්ලා අපට සරම මහගන්න තිබුණා. අපි කලිසම ගැලෙව්වෙ සරම මහගන්නෙ නැතුව. කලිසම ගලවලා බැලුවා, අම්මටසිරි සරම මහගෙනත් නෑ ! එතකොට කලිසමත් නෑ,සරමත් නෑ ! එතකොට දැන් මොකක්ද කරන්න ඕනෙ ? හරි, කලිසම අපි ගැලෙව්වා – සරම මහගත්තෙ නෑ කියලා ආපහු කලිසම අඳින එකද ? නෑ, වස විස කන එක නෙවෙයි. පුළුවන් තරම් ඉක්මනට අණ්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනෙ, නැත්නම් හෙළුවෙන්. ඉතිං ආණ්ඩුව මේ දවස්වල ඉන්නෙ එතන” 


එතකොට කලිසමත් නෑ, සරමත් නෑ ! එතකොට දැන් මොකක්ද කරන්න ඕනෙ ? හරි, කලිසම අපි ගැලෙව්වා – සරම මහගත්තෙ නෑ කියලා ආපහු කලිසම අඳින එකද ? නෑ, වස විස කන එක නෙවෙයි. පුළුවන් තරම් ඉක්මනට අණ්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනෙ, නැත්නම් හෙළුවෙන්. ඉතිං ආණ්ඩුව මේ දවස්වල ඉන්නෙ එතන” 
ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති ජනහමුවක් අමතමිනි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles