මාධ්‍යවේදී චමුදිතගේ නිවසට ගල්මුල් එල්ල කිරීමේ සිද්ධිය තමා තරයේම හෙළා දකින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දේශපාලනය මුල් කරගෙන යමෙක් මෙම ප්‍රහාරය එල්ල කළේ නම් එම තැනැත්තා විවේචනය දරා ගැනීමට පුරුදු විය යුතු අයකු යැයි ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම නීතියේ රැහැනට කොටු කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළ යුතු බවත්, මාධ්‍යවේදීන්ගෙන් රටට සිදුවන මෙහෙය තමා අගය කරන බවත් හෙතෙම සඳහන් කරයි.
මෙවැනි සිද්ධීන් කවර යුගයක වුවත් සිදු නොවිය යුතු ඒවා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා තිබේ.