Friday, December 27, 2024

කවුරුන්හෝ ඇටෑක් කරනවා නම් රිටර්න් එකට මම සුදානම්

ළග තියෙන ‘චූන්’ එකට බෙල්ල තැබීමට බලාපොරොත්තුවක් නොමැති සේම ක්‍රිකට් ක්‍රීඩාවෙන් කවුරුන් හෝ ‘‘ඇටෑක්’’ කරනවා නම් රිටන් එක දීමට සූදානම් බවත් සියලු දේ අනාගෙන තම කරපිටින් ගොඩ යෑමට උත්සාහ කරන්නේ නම් එයට අකමැති බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩකයකුට හෝ වෙනත් වෘත්තියක හෝ යම්කිසි පුද්ගලයකුට යමක් ඉගැන්වීමට යම් කාලයක් අවශ්‍ය බවත් ලෝක කුසලාන තරගාවලියකට පෙර දින දහයක පුහුණු කාලයකින් කළ හැකි ලොකු දෙයක් නොමැති බවත් සඳහන් කළ ලසිත් මාලිංග පාසලේ වාර විභාග මාස තුනෙන් තුනට පවත් ​වන්නේ ඉගැන්වීමට කාලය අවශ්‍ය නිසා බවත් සඳහන් කළේය.

ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව ඒ අයට හොඳ යැයි හිතෙන දේ කරන්නාක් මෙන්ම තමන් ද හොඳයි කියලා හිතෙන දේ කරන බවත් ඔවුන් කිසිවකු සමඟ අමනාපයක් නොමැති බවත් මාලිංග කීවේය.

කිසිවකුට උදව් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිල වශයෙන් පත්වීම් ලිපියක් සමඟ පුහුණුකරු තනතුරක් බාරදුන හොත් ඒ පිළිබඳව අවධානය යොමු කරන බවත් මාලිංග වැඩි දුරටත් පවසා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles