කසල සහිත රටට නුසුදුසු පොහොර නැව නැවතත් ලංකාවට එමින් ඇතැයි තොරතුරු

0
290

“සෞභාග්‍යයේ දේශය” ගොඩ නගනවා යැයි කියා පැමිණි ආණ්ඩුව මේ වන විට විට “කසල දේශයක්” ගොඩ නගමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටට නුසුදුසු බවට වාර්තා වලින් තහවුරු කළ පොහොර නැව ආපසු හරවා යවන බව ආණ්ඩුව පැවසුවත් ඒ කසල සහිත රටට නුසුදුසු පොහොර නැව නැවතත් ලංකාවට එමින් තිබෙන බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

අද වනවිට ආණ්ඩුව විසින් මේ රටේ සමස්ත ජනතාවම අතිශය දුෂ්කර අඩියකට තල්ලු කොට ඇති බවත් ජනතාව මේ තරමට පීඩාවට පත්කිරීමට හේතුව තුනෙන් දෙකක බලයක් ලබා දීම ද?, නැත්නම් විධායක ජනාධිපති ධූරය ලබාදීම දැයි තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) තිස්සමහාරාම රන්මිණිතැන්න ගොවියන්ගේ ගැටළු විමසන ගොවි හදගැස්ම වැඩසටහනට එක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here