කහටගහ පතලේ සේවකයෝ යළි උපවාසයේ…

0
338

කහටගහ පතලේ සේවකයින් අද දින උපවාසයක යෙදී තිබුණා.

ඒ පතලේ අඩි 2000කින් පමණ ගැඹුරින්වූ ප්‍රදේශයක සිටයි.

ඔවුන් උපවාසයේ යෙදී ඇත්තේ ඔවුන්ට හිමිවන දෛනික අවධානම් දිමනාව රුපියල් 16, රුපියල් 400ක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමිණි.

සේවකයින් 40ක් පමණ ඒ සඳහා එක්වී සිටි අතර එම දීමනාව ඉහළ නංවන ලෙස මීට පෙර කම්කරු අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියද එහි බලධාරීන් තවමත් ඊට අදාළ පියවර ගෙන නොමැති බවයි.

එසේම ඔවුන් පවසා සිටියේ මීට පෙරද මෙම ඉල්ලීම මුල්කර ගනිමින් පසුගිය සදුදා සිට පතළ උඩදී විරෝධතා ක්‍රියාමාර්ගවල නියලුණු අතර බලධාරීන් ඒ සඳහා අවධානය යොමු නොකළ නිසා පතල තුළ සිට උපවාසය ආරම්භ කල බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here