කහවත්තේ ගුරුගේ මැණික් අධිපති අභාවප්‍රාප්ත වේ

0
364

ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික කහවත්තේ ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ මහතා අද (06) කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

මියයන විට 86 වන වියෙහි පසුවූ ඒ මහතා දරුවන් හත් දෙනෙකුගේ පියෙකි.

මෙරට මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යෑමට පුරෝගාමී වූ පුද්ගලයෙකු ලෙස ජිනදාස ගුරුගේ මහතා සැලකේ.

මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස දුප්පතුන්ට මුදල් බෙදාදීම ආරම්භ කළේද ගුරුගේ මහතායි.

ඔහු ප්‍රකට සමාජ සේවකයෙකි. විහාරාස්ථාන ගණනාවක්ද ගුරුගේ මහතා විසින් ගොඩ නගා තිබේ.

අවසන් කටයුතු හෙට (07) සිදු කිරිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here