කළුතර සමස්ත ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

0
808
Healthcare cure concept with a hand in blue medical gloves holding Coronavirus, Covid 19 virus, vaccine vial

කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවා ගොස් තිබේ.

කොවිඩ් -19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ගතවු පැය 24 තුළ වාර්තා වු නව අසාදිතයින් 140 දෙනාත් සමගින් කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3084 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවය.

ඊයේ දිනය තුළ හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 588කි.

ඉන් 18 දෙනෙකු බන්ධනාගාර රැඳවියන් වන අතර සෙසු ආසාදිතයින් 570 දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ය.

ඊයේ දිනය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 245කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 66 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 17 දෙනෙකු ද හඳුනාගෙන තිබුණි.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිත සංඛ්‍යාව 39,230ක් දක්වා වැඩි වී තිබේ. ඉන් 30,568 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති අතර 8,478 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඊයේ දින කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින් දැක්වේ,

කොළඹ දිස්ත්‍රික්කය -245 

වැල්ලවත්ත – 48
වැල්ලම්පිටිය – 42
කොල්ලුපිටිය – 17
ග්‍රෑන්ඩ්පාස් – 15
දෙමටගොඩ – 11
කිරුළපන – 13
මට්ටක්කුලිය – 13
අලුත්කඩේ – 10
කොම්පඤ්ඤ වීදිය – 9
මරදාන – 8
බ්ලූමැන්ඩල් – 8
මිරිහාන – 8
පාදුක්ක – 7
නුගේගොඩ – 7
බොරැල්ල – 6
පිළියන්දල – 5
බම්බලපිටිය – 3
වේරගොඩැල්ල – 2
දෙහිවල – 2
ගල්කිස්ස – 2
ඔරුගොඩවත්ත – 2
හංවැල්ල – 1
පුවක්පිටිය – 1
මොරටුව – 1
මුල්ලේරියාව – 1
කහතුඩුව -1
තලංගම – 1
සේදවත්ත – 1

ගම්පහ දිස්ත්‍රික්කය – 66

වේයංගොඩ – 17
මීගමුව – 16
දිවුලපිටිය – 4
මීරිගම – 3
ජාඇළ – 3
වත්තල – 3
නිට්ටඹුව – 2
රාගම – 2
සපුගස්කන්ද – 2
දොම්පේ – 2
ගනේමුල්ල – 2
කඩවත – 2
කඳාන – 2
කැලණිය – 1
ගම්පහ  – 1
කොටදෙණියාව – 1
කොලමැදිරිය – 1
මිනුවන්ගොඩ – 1
පෑලියගොඩ – 1

රත්නපුර දිස්ත්‍රික්කය – 17
මාතලේ දිස්ත්‍රික්කය – 16
කුරුණෑගල දිස්ත්‍රික්කය – 14
ගාල්ල දිස්ත්‍රික්කය -13

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here