කළුතර ළමා හා කාන්තා රෝහලට මිලියන 4400ක්

0
972
මහල් හයකින් සමන්විත සියලු පහසුකම්වලින් යුත් අංග සම්පූර්ණ ළමා හා කාන්තා රෝහලක් කළුතර නගරය තුළ ස්ථාපිත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.
නෙදර්ලන්ත රජයේ ආධාර යටතේ ඉදිකිරිමට නියමිත මෙම රෝහල සඳහා රජය රුපියල් මිලියන 4400ක් වැය කරනු ලබයි.
රෝහල සඳහා මුල්ගල් තැබිම  තව නොබෝ දිනකින් සිදුකිරීමට නියමිත අතර 2019 වර්ෂයේ දී වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇත. ශල්‍යාගාර, ප්‍රසුතිකාගාර, නොමේරු ළදරු ඒකක ඇතුළු තවත් අත්‍යාවශ්‍ය අංග රැසකින් මෙම රෝහල සමන්විත වේ.
එකම භූමී භාගයක් තුළ මෙම ළමා හා කාන්තා රෝහල ස්ථාපිත කරන අතර මෙයින් බැහැර කරන අපද්‍රව්‍ය විනාශවන පද්ධතියක්  අඩංගු වීම මෙම රෝහලේ  ඇති විශේෂ ලක්ෂණයකි.
මෙවැනි රෝහලක් දැනටමත් රාගම ශික්ෂණ රෝහල තුළ ඉදිවෙමින් පවතින අතර තවත් දිස්ත්‍රික්ක රැසක මෙවැනි රෝහල් ඉදිකිරීමට සෙඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බලාපොරොත්තු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here