කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටු පිරීයයි.

0
292

කළුබෝවිල රෝහලේ කොවිඩ් 19 වෛරස ආසාදිතයින් ඉහළයාම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

කොවිඩ් වාට්ටුවේ එක් ඇඳක් මත රෝගීන් කිහිප දෙනෙකුම ප්‍රතිකාර ලබන බවත් වාට්ටුවේ බිම මෙන්ම ඉන් පිටත එළිමහනේ ද රෝගීන් රඳවා ඇති බවත් එම රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සඳහන් කරයි.

කාර්ය මණ්ඩලය හැකි උපරිමයෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන නමුත් එම කාර්ය මණ්ඩල රෝගීන්ට උපස්ථාන කිරීමට ප්‍රමාණවත් නොවන බැවින් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here