කළු කඩ ආණ්ඩුව ගෙදර යවා අලුත් පිරිසකට බලය දෙමු

0
340

සමාගම්වලට හිතුමතේ මිල පාලනය කරන්න දෙමින් ආණ්ඩුව ජනතාව ඉදිරියේ කළු කඩ මුදලාලිගේ චරිතය රඟ දක්වමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ගෑස්,කිරි පිටි, පාන් පිටි හා සිමෙන්ති මිල පාලනයෙන් රජය ඉවත් වී භාණ්ඩ මිල තීරණය කිරීමේ අයිතිය මෙන්ම ආණ්ඩුව පාලනය කිරීමේ අයිතියත් කළුකඩ මුදලාලිලාට ම බාර කර ඇතැයිද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

“මිනිස්සුන්ට දැන් මේ පාලනය එපා වෙලා තියෙන්නේ. ජනතාව ඉල්ලන්නේ අලුත් කණ්ඩායමක්. ඒ කණ්ඩායම අද ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ. එම නිසා වැඩ බැරි ආණ්ඩුව ගෙදර යවන්න අලුත් කණ්ඩායමක් සමඟ පිරිස සුදානම් කරමු”යනුවෙන් ද රුවන් විජයවර්ධන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here