Saturday, October 5, 2024

ක්ෂුද්‍රජීවීන් නිසා රෝහණ යයි…

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ රෝහණ පුෂ්පකුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මීට පෙරද අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ඉල්ලා අස්වී තිබුණි.

නාවලපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ  ලේකම්වරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව පෞද්ගලික හේතුවක් බව දැනුම් දී ඇති බවය.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ උපකුලපතිවරයා පත්කර ගැනීමට පියවර ගනිමින් ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles