ක්ෂේත්‍ර කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස දීර්ඝ කරමින් ගැසට් නිවෙිදනයක් නිකුත් කරයි

0
277

ක්ෂේත්‍ර කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස දීර්ඝ කරමින් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සේවා අත්‍යාවශ්‍ය සේවාවන ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

එහි දැක්වෙන්නේ විදුලි බල සැපයුම – රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් ඒ හා සමාන ආයතන වල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවාවක්, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය ඝනයට යටත් කර ඇති බවයි.

මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර පසුගිය මස 22 වැනිදා ද අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here