Monday, October 21, 2024

ක්‍රිකට්‌ නායකයන්ට “සල්ලි” ලැබුණ හැටි

ඉකුත් මාස 12 ඇතුළතදී ලොව වැඩිම ආදායම් ලබාගත් ක්‍රිකට්‌ නායකයන් ලැයිස්‌තුවේ පළමු තැනට ඔස්‌ටේ්‍රලියාවේ ස්‌ටීවන් ස්‌මිත් පත්ව තිබේ. ඔහු වසරක්‌ තූළදී ඇමරිකානු ඩොලර් මිලියන 1.47 ක්‌ හෙවත් රුපියල් මිලියන 225 ක්‌ උපයා ඇත.

එම කාලයේදී ශ්‍රී ලංකා නායකයා වූ ඇන්ජලෝ මැතිව්ස්‌ ජාත්‍යන්තර තරග 21 කදී උපයා ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි පහකට ආසන්න බව සඳහන් වන අතර ඔහුට එම ලැයිස්‌තුවේ පස්‌වැනි තැන හිමිව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග ගාස්‌තු සහ අදාළ ක්‍රිකට්‌ ආයතනවලින් ගෙවනු ලබන කොන්ත්‍රාත් ගාස්‌තු මත අදාළ වර්ගීකරණයට ක්‍රිකට්‌ නායකයන් ඇතුළත් කර ඇති අතර වෙනත් ප්‍රාන්ත හෝ අයි.පී.එල්. තරගවලදී ලැබු මුදල් එයට ඇතුළත් නොවේ.

අදාළ ලැයිස්‌තුවේ දෙවැනි තැන එංගලන්තයේ ජෝ රූට්‌ට හිමිව ඇති අතර ඔහු ලබා ඇති ආදායම ඇ.ඩො.මි. 1.38 කි. තෙවැනි තැනට පත්ව ඇති ඉන්දියාවේ විරාට්‌ කෝලි ඇ.ඩො.මි. 1 ක්‌ උපයා ඇත. මීට අමතරව එක්‌ එක්‌ රටවල්වල ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරගවලදී ක්‍රීඩකයන්ට ගෙවන ලද ගණන්ද අදාළ වාර්තාවේ සඳහන්ව තිබේ.

tab

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles