ක්‍රීඩකයෝ ගිවිසගන්නට නොකැමති වෙති….

0
429

වාර්ෂික ගිවිසුම් සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 38 දෙනෙකු තීරණය කර තිබෙනවා. එම ක්‍රීඩකයින් වෙනුවෙන් පත් කරන ලද නීතිඥවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්. නවක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ඇති අක්‍රමිකතා සහ එම ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබඳව මතුව ඇති බරපතළ ගැටලු හේතුවෙන් ගිවිසුම්ගතවීමට ක්‍රීඩකයින් එකඟ වී නැහැ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා තෝරාගෙන ඇති එක්දින සහ විස්සයි 20 සංචිතයේ ක්‍රීඩකයින් ද එම සංචාර ගිවිසුම් අත්සන් කිරීමෙන් වැළකී සිටීමට ද තීරණය කර තිබෙනවා.

ගිවිසුම් අත්සන් කිරීමට ක්‍රීඩකයින් එකඟ නොවුවද ඉදිරි එංගලන්ත සංචාරය ඇතුළු අනෙකුත් සංචාරවලට ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බවත් එම නිවේදනයේ සදහන්. එමෙන්ම ක්‍රීඩකයින්ට වැටුප් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ විටක වුවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එය බාධාවක් නොවන බව ක්‍රීඩකයින් 38 දෙනා වෙනුවෙන් පත් කරන ලද නීතිඥවරයා එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.
(NETH NEWS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here