ක්‍රීඩා ඇමතිගේ සහ ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම ඵල දරයි. භානුක ඉල්ලා අස්වීම රිවස් කරයි

0
288

අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වීම සඳහා ක්‍රිකට් ආයතනයට ලිපියක් යැවූ භානුක රාජපක්ෂ මේ වනවිට තවත් ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර තිබෙනවා.

භානුක රාජපක්ෂ ඔහුගේ තීරණය වෙනස් කරගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා පවසන්නේ භානුකගේ මෙම තීරණය තමන්ට නිල වශ‍යෙන් දැනුම් දුන් බවයි.

එම ලිපිය මගින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වීම සඳහා යොමු කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

ඊයේ පෙරවරුවේ භානුක රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාව කොළඹ අරලියගහ මන්දිරයේ දී මුණ ගැසුණා. මීට දින කිහිපයකට පෙර භානුක රාජපක්ෂ හට ක්‍රිකට් පිටියෙන් ඉවත් නොවන ලෙසට ද ක්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලීමක් ද කර තිබුණා.

සමාජ මාධ්‍යයේ ද ඔහු හට මේ මොහොතේ ඉවත්වීමක් සිදු නොකරන ලෙසට ප්‍රේක්ෂකයන් රැසක් ඉල්ලිම් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here