ක්‍රීම් බනිස්‌ ගෙඩියේ බීඩි කොටයක්‌

0
839

බණ්‌ඩාරවෙල පුෂ්පාරාම මහා විහාරස්‌ථානය ඉදිරිපිට මහා නගර සභා වෙළෙඳ සංකීර්ණයේ පහත මාලයේ පවත්වාගෙන යන බේකරි නිෂ්පාදන අලෙවි සැලකින් ලබාගත් ක්‍රීම් බනිස්‌ ගෙඩියක බීඩි කොටයක්‌ තිබූ බවට බණ්‌ඩාරවෙල බිඳුණුවැව පදිංචි අමිල මධුශංක පද්මසිරි යන අය මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය අංශයට පැමිණිලි කර ඇත.

බීඩි කොටය සහිත එම ක්‍රීම් බනිස්‌ ගෙඩිය බණ්‌ඩාරවෙල ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩී, එම්. ඒ. ආර්. දිසානායක පරීක්‍ෂා කරන ආකාරය මෙම ඡායාරූපයෙන් දැක්‌වෙන අතර එම අලෙවිසලට මෙන්ම බොරලන්දේ පිහිටා ඇති බේකරියටද විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here