ජපාන සමුද්‍රිය ස්වයං ආරක්ෂණ බලකායට අයත් කාගා, මුරසාමේ සහ ෆුයුසුකී (KAGA, MURASAME, FUYUZUKI) යන බහුකාර්ය නෞකා කොළඹ වරාය වෙත පැමිණ තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව මෙම නෞකා පිළිගනු ලැබීය.
ජපාන සමුද්‍රිය ස්වයං ආරක්ෂණ බලකායේ ඉන්දු – ශාන්තිකර ස්ථානගත කිරීමේ ඒකකයේ සුහද සංචාරයක් සඳහා මෙම නෞකා මෙරටට පැමිණෙන බවයි ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ.
දිගින් මීටර 151 සහ නැවි මුළු 220කගෙන් සමන්විත ‘FUYUZUKI’ යුද නෞකාව සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව හෙට (03) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.
‘KAGA’ නෞකාව 248m දිගින් යුත් නැවියන් 210ක් සහිත නැවක් වන අතර MURASAME නැව 151 m දිග නැවියන් 200 ක් සහිත නෞකාවකි
ඕස්ට්‍රේලියාවේ සිට කොළඹ වරායට සේන්දු වූ එම යුද නෞකා ද්විත්වය දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැවැත්වෙන ‘JA- LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා ද සහභාගී වීමට නියමිත ය.


