කාත් එක්කවත් හවුල් ආණ්ඩු නෑ

0
266

කිසිදු පක්ෂයක් සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව කියාසිටියේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

මෙි අතර ජාතික ආණ්ඩුවක් සදහා සමගි ජනබලවේගයේ කිසිදු සූදානමක් නොමැති බව පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අවධාරණය කරනවා.

තිස්ස අත්තනායක මහතා කියා සිටියේ වර්තමානයේ රටේ පවතින අර්බුද හමුවේ අවශ්‍ය වන්නේ ජාතික සැළසුමක් මිස ජාතික ආණ්ඩුවක් නොවන බවයි.

ලබන 23 වනදා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුලුව සම්බන්ධයෙන්ද තිස්ස අත්තනායක මහතාගෙන් විමසීමක් කළා.

සමුළුවට සහභාගිවන ලෙස සිය පක්ෂයට මේ දක්වා ආරාධනාවක් ලැබී නොමැති බව මන්ත්‍රීවරයා එහිදී සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here