Saturday, September 21, 2024

කාදිනල් හිමියන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය හමුවෙයි

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අද (02) ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිෂෙල් බැච්ලේ මහත්මිය හමුවී සාකච්ඡාවක නිරතවී තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී මෙම හමුව සිදුවිය.

කාදිනල්තුමන් මෙහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල තත්ත්වය සහ තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා අගරදගුරු හිමියන්, අගරදගුරු ලේකම්වරයා සහ අගරදගුරු හිමියන් වෙනුවෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම නියෝජනය කළ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා ද සහභාගීවී තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය දිනාගැනීම සඳහා ගෙනයන්නාවු වැඩපිළිවෙලට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහාය ලබාගැනීමේ අරමුණින් මෙම සාකච්ඡා පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය රජය සමයේදී කාදිනල් හිමියන් මානව හිමිකම් සම්බන්ධයෙන් මීට වඩා දැඩි පරස්පර ස්ථාවරයක පිහිටා කටයුතු කළා.

2018 වසරේ සැප්තැම්බර් මස 23 ඒ්කල ශාන්ත මතෙව් දෙව්මැදුරේ පැවති දේවමෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ පැවසුවේ ශතවර්ෂ ගණනාවක පටන් ආගමික නැඹුරුවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට මානව හිමිකම් පිළිබදව පාඩම් කියාදීමට බටහිර ජාතීන් සැරසෙන බව පවසා සිටියා.

මානව හිමිකම් ඔලුව උඩ තියාගෙන නිතරම ඒ පිළිබදව අප රටට කියාදීමට බටහිර රටවල් සූදානම් වන බවත් ආගම නිසිපරිදි අදහන්නේ නම් මානව හිමිකම් පිළිබදව කතා නොකල යුතු බවත් එහිදී උන්වහන්සේ සදහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles