කාදිනල් හිමියන් හදිසියේම වතිකානුවට යන්න තීන්දු කරයි

0
284

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මෙම මස අවසන් භාගයේදී වතිකානු සංචාරයක නිරත වීමට තීරණය කොට ඇත.

මෙම සංචාරයේදී කාදිනල් හිමිපාණන් ශුද්ධෝත්තම පාප් වහන්සේ ඇතුලු වතිකානුවේ ඉහළ බලධාරීන් හමුවී පාස්කු ප්‍රහාරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මීට අමතරව කාදිනල් හිමිපාණන් අමෙරිකාවේ අගරදගුරු හිමියන් සමග පසුගිය දින දෙක පුරාම දුරකතනය ඔස්සේ සාකච්ජා කරමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් හුවමාර කරගෙන ඇති බවද වාර්තා වේ.

ඇමරිකාවේ ජනාධිපති ලෙස පත්ව සිටින ජෝ බයිඩන් මහතාද කතෝලිකයකු වීම ‌විශේෂ සිදුවීමකි.

මෙි අතර රජයේ කුමන්ත්‍රණ ක්‍රියා හඳුනාගෙන ඊට ප්‍රතිචාර දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.

කොළඹ අගරදගුරු නිල නිවසේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා.

Mawrata News.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here