කාන්තාවගේ සිරුර විතරක් ලාංකිකයි – අනුර කුමාර

0
334

රටපාලනය කළ  සියලු පක්ෂ එක්ව රටේ නිෂ්පාදන ආර්ථිකය කඩාකප්පල් කළ නිසා අද වනවිට ජනතාවට අවශ්‍ය බොහෝ දේ පිටරටවලින් ගෙන්වීමට සිදුවීම නිසා විශාල මුදල් ප්‍රමාණයක් වසරකට පිටරටට ගලායන බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අප රටේ පාරේ ගමන් කරන කාන්තාවක් දෙස බලා සිටියහොත් හිසේ ගාන තෙල් ටික, කොණ්ඩ කටුව, සාරිය, පාවහන්, අත් ඔරලෝසුව මේ සියල්ල පිටරට ඒවා බවත් සිරුර පමණක් ශ්‍රී ලංකා බවත් ඔහු අද  (27) ගලේවෙල පැවති ජනහමුවකදී පැවසිය.

කිරිපිටි ගේන්න ඩොලර් කෝටි 34ක්, සිනි වලට ඩොලර් කෝටි 25ක්, මිරිස් වලට ඩොලර් කෝටි 6ක්, ලුණුවලට ඩොලර් කෝටි 4ක්, මුං ඇට ගෙන්න ඩොලර් ලක්ෂ 70ක් වසරකට ලංකාවේ මුදල් පිටරටවලට දෙන බවද හෙතෙම එහිදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here