කාන්තාවන් අනාරක්ෂිත කර අවදානමේ හෙළන බවට තලේබාන් පාලනයට චෝදනා

0
338

සිය අයිතිවාසිකම් ඉල්ලා සටන් වදින ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රියාකාරිනියන් මර්දනය කිරීම සදහා තලේබාන් පාලකයන් විසින් උපක්‍රමශීලි ලෙස ඔවුන් අනාරක්ෂිත කරන බවට චෝදනා එල්ල වී තිබේ.

අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇත්තේ, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතවරියන්, කාන්තා විද්‍යාර්ථීන් , ජනමාධ්‍යවේදිනියන් වැනි කාන්තා ක්‍රියාකාරිනියන් පිළිබද කරැණු හෙළිකර ඔවුන් සමාජය තුළ අනාරක්ෂිත කිරීමට තලේබාන් සංවිධානය කටයුතු කර ඇති බවයි.

මෙම තත්වය හේතුවෙන් එම ක්‍රියාකාරිනියන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බවත්, සමස්ත කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වීම ඉහළ ගොස් ඇති බවත් විදෙස් වාර්තාවල දැක්වේ.

ඇ‍ෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට, රුකියා කිරීමට ඇති අයිතිය අහිමි කරනු ලැබ ඇති අතර මෙම තත්වයට එරෙහිව අදාළ කාන්තා ක්‍රියාකාරිනියන් විසින් අඛණ්ඩව විරෝධතා දියත් කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here