Thursday, January 9, 2025

කාබනික ගොවිතැන තොරෙම්බල් කර උග්‍ර විෂ පලිබෝධ වලට නොනිල ලයිෂන් දීලා – හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන්

කෘෂි රසායනික දුව්‍ය මෙරටට ගෙන්වීම තහනම් කර ඇති පසුබිමක් තුළ විදේශවල සිට බෝට්ටු මඟින් හොර රහසේ මෙරටට විවිධ කාෂි රසායන වර්ග 30ක් පමණ මේ වනවිට ගෙන එනු ලැබුවද පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් එයින් කෘෂි රසායන වර්ග 09ක් පමණක් අල්ලා අදාළ නීත්‍යනුකූලව කටයුතු කරන ලෙසට මේ වනවිට නියෝග කර ඇති බවත් ඉතිරි කෘෂි රසායන නිදැල්ලේ රට තුළට පැමිණෙන බවත් දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජත් කීර්ති තෙන්නකෝන්   පවසයි.

මෙම විශේෂයෙන් පළිබෝධ නාශක මේ අයුරින් මෙරටට නීති විරෝධීව ගෙන එන අතර ඒවා සඳහා ඩොලර් වෙනුවට රත්තරන් හුවමමාරු වන බවත් වැලිගම මිරිස්ස ඇතළු දකුණු මුහුදු තීරයේදී මෙන්ම නැගෙනහිර මුහුදු තීරයේදීද මෙම භාණ්ඩ රත්තරන් සඳහා හුවමාරු වන බවට තොරතුරු ලැබී ඇති බවත් හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන්   වැඩිදුරටත් සඳහන් කරයි.

“මෙම් ජාවාරම දිගු කලක් තිස්සේ සිදුවුණා. ඇස් කන් වසාගෙන සිටි රජය පසුගිය සැප්තැම්බර් 23 වනිදා මා විසින් සිදු කරන ලද හෙළිදරවෙන් පසුව පසුව සැප්. 24 දිවයින පුරා හොරට විකුණන පළිබෝධක නාශක 30 කට ආසන්න ප්‍රමාණයක් අතුරින් 9 ක් පමණක් අල්ලා නඩු පැවරීමට ක්‍රියාකරන ලෙස පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් නියෝග ගැනීම හා නඩු පැවරීම ඇරඹීම සතුටට කරුණක් නමුත් නීති විරෝධී පළිබෝධකනාශක 9 ක් පමණක් අත්අඩංගුවට ගැනීමෙන් උග්‍ර විෂ සහිත රසායන නිදහසේ විකීණිම සඳහා පරිසරය නිර්මාණය වී තිබෙනවා.

රජිත් කීර්ති තෙන්නකෝන් මහතාට අනුව කලකට පෙර ලංකාවේ තහනම් කළ අධි විෂ සහිත මොනක්‍රොටපස්, මැලතියන් හා කාබෝෆියුරාන් පවා අසිමිත ලෙස රටට ගෙන්වීම මේ වන විට සිදුවේ. ඒවා විවිධ නම්වලින් ඇසුරුම් කර මේ වන විට අලෙවි කෙරේ. රටට-ලෝකයට කාබනික කෘෂිකර්මාන්තය පෙන්වමින් බෝට්ටු කෘෂි රසායන මගින් මහ කන්නයේ වගාව සිදු කිරීම රජයේ සැලසුම වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles