කාබනික පොහොර ව්‍යාපෘතිය අසාර්ථක වීම අඩන්න තරමි දුකයි

0
315

කාබනික පොහොර වැඩපිළිවෙළ ගැන උදාර අරමුණ දියවී යාම ගැන අඬන්නට තරම් දුක හිෙතන බව අපේ ජන බල පක්ෂය ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

අරමුණ උදාර වුවද වැරදි තීරණ ගතහොත් එම අරමුණ අවසන් වන්නේ ඛේදවාචකයකින් විය හැකි බවද උන්වහන්සේ පැවසූහ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය කාරක සභා අවස්ථාවේ විවාදය ට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කලහ.

කාබනික පොහොර වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමට බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හතළිස් දෙනකු ගේ කමිටුවක් පත් කළ බවත් එම කමිටුව එක දවසක් හෝ රැස් වූයේ දැයි තමා විමසන බවත් උන්වහන්සේ පැවැසූහ.

මෙම කමිටුව සඳහා තමාගේ නම ද යෝජනා කර නොතිබූ බවද පැවසූ රතන හිමියෝ අඩුම තරමින් තීන්දු ගැනීමේදී විශේෂඥ කමිටුවක් පත් කළ යුතුව තිබූ බවද කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here