කාබනික වගාවෙන් ගොවීන් අමාරුවේ වැටුණ බව ඇමති මහින්දානන්ද පිළිගනී

0
285

කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා නිලධාරීන්ට කාබනික වගාව සම්බන්ධයෙන් ගොවීන් නිසි ලෙස දැනුවත් කිරීමට නොහැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එම අඩුපාඩුකම් හේතුවෙන් ගොවීන් අපහසුතාවයට පත්වූ බව පිළිගන්නා බවද හෙතෙම පැවසීය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පවසා සිටියේ මහනුවරදී මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමිනි.

එමෙන්ම ගොවීන්ට වගා හානි වෙනුවෙන් ගෙවන වන්දි මුදල සහ වී මිල ගැන ඉදිරි කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගන්නා බවද ඒ මහතා පවසයි.

හරිත කෘෂිකර්මාන්තයේ අඩුපාඩු ගණනාවක් සිදු වූ බවත් නියම වෙලාවට ගොවීන්ට පොහොර ලබා දීමට නොහැකි බවත් හෙතෙම කියා සිටී.

එම අඩුපාඩු එළඹෙන යල කන්නයේ මගහරවාගෙන නියමිත වෙලාවට පොහොර ලබාදෙන බවද හෙතෙම තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here