කාබනික වගාව කරන්න පුළුවන් කම්මැලි නැති ගොවීන්ට විතරයි- රෝහිත

0
324

රසායනික පොහොර මෙරටට ආනයනය කළ ඇතැම් දැවැන්ත සමාගම් ගොවීන්ට මුදල් ලබාදී රජයේ කාබනික පොහොර වැඩසටහනට එරෙහිව උද්ඝෝෂණ සඳහා ගොවීන්ව යොමුකරමින් සිටින බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. 

“අපට පේනවා මේ පොහොර ගෙන්නපු යම් යම් සමාගම්වල මුදල් දෝලනය වෙනවා. ඉතිං ඒවා යනවා ගොවියාගෙ අතට. ගොවියාව කෑගස්සනවා, ගොවියාව කුලප්පු කරනවා. අපි දැක්කා පහුගිය දවස්වල ඊයෙ පෙරේදා අර කාබනික පොහොර වගාව කරන ගොවි මහත්තයෙක් බොහොම පැහැදිලිවම කියනවා, කාබනික පොහොර වලින් වගාකරන්න පුළුවන් කම්මැලි නැති ගොවියෙකුට කියලා. ඉතිං අපි කම්මැලි නම් අපට වැඩකරන්න බැරිවෙයි” 

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පසුගිය 22 වනදා කළුතර ප්‍රදේශයේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here