කාබනික වැඩපිළිවෙල හෙට කරන්නැයි අපි කීවේ නෑ

0
303

රජය විසින් ගෙන යන කාබනික පොහොර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් විවේචන එල්ල කරන ලදි.

මාධ්‍ය හමුවට පෙර එහි පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ද පාදෙණිය මහතා එම පෙරමුණේ ලේකම්වරයාට උපදෙස් දෙන ආකාරය පටිගත වී තිබිණි.

කාබනික වැඩපිලිවෙල හෙට කරන්න කියා නොකී බවත්, එය විය යුතු බව පමණක් කී බවත් මාධ්‍යට කියන්නැයි ඔහු උපදෙස් දුන්නේය.

සුරක්‍ෂිත ආහාර තිබීම වෛද්‍ය සංකල්පයක් නිසා කියූ බවත් ඒ සදහා වැඩපිලිවෙලක් සකස් කලද රටට කියන්ට බාර නොගත් බවත් ගොවියාත් ඇතුළු දෙදෙනාම රැකගත යුතු බවද පවසන්නැයි ඔහු එහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here