Friday, January 10, 2025

කාබනික වැඩේට බාල්දියක් දැමූ කෘෂි ලොක්කෙක් ගෙදර

රජයේ කාබනික වගා ව්‍යාපෘතිය විවේචනය කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

මෙම නිලධාරියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු බවද හෙතෙම සඳහන් කළේය.

මොහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කරමින් රජයේ කාබනික වගා ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බවට විවිධ පුද්ගලයන් හා සංවිධාන ගණනාවක් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කරුණු පෙන්වා දී ඇත. ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට ඇමැතිවරයා තීරණය කර ඇත්තේ ඒ අනුව ය.

අමාත්‍යංශයේ තනතුරක් දරමින් කෘෂිකර්ම ප්‍රතිපත්ති සාදන අතරේ එම ප්‍රතිපත්ති විවේචනය කිරීම බරපතළ වරදක් බවද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

මෙම නිලධාරියා ඉවත් කිරීමට හෙට (26) කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles