කාබුල් ගුවන්තොටුපොළට IS ප්‍රහාර අවදානමක් – ඇමරිකාව

0
277

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන්තොටුපොළට IS ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට අමෙරිකාව අනතුරු අඟවා තිබෙනවා.

එබැවින් අමෙරිකානු වැසියන්ට කාබුල් ගුවන්තොටුපොළ මගහැර සිටින ලෙස උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කිසියම් අයෙක් ගුවන්තොටුපොළට පැමිණිය යුත්තේ සිය රජයේ නියෝජිතයෙක් විසින් කරන දැනුම්දීමකට අනුව පමණක් බව අමෙරිකාව සිය පුරවැසියන්ට දැනුම්දී තිබෙනවා.

ගුවන්තොටුපොලේ පිටත ප්‍රදේශය තුළ ආරක්ෂක තර්ජනයක් පවතින බවට අමෙරිකාව ඊයේ අනතුරු ඇඟවීමක් නිකුත් කළා.

මේ අතර ජර්මනියද කාබුල් ගුවන්තොටුපොලේ ආරක්ෂක තර්ජනයක් පවතින බවට සිය පුරවැසියන්ට දැනුම්දී තිබෙනවා.

තල‍ෙබාන් ආක්‍රමණයත් සමග රටින් පළායෑමට උත්සාහ දරන ඇෆ්ගන් වැසියන් හේතුවෙන් කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන්තොටුපොලේ තවමත් පවතින්නේ දැඩි කලබලකාරී වාතාවරණයකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here