කාර්යාලවල රාජකාරී ආරම්භ කිරීමේ වේලාවන්හි වෙනසක් සිදුකළ යුතු ද යන්න පිළිබඳ හෙට (21) පැවැත්වෙන ජාතික කම්කරු උපදේශක සභාවේ දී සාකච්ඡා කිරීමට නියමිත බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
රථවාහන තදබදය අවම කිරීමේ පියවරක් ලෙස කාර්යාල වේලාවන් සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා පවසා තිබේ.