කැනඩා විදේශ ඇමති අද දිවයිනට

0
306

කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

නිල සංචාරයක් සඳහා කැනඩා විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 13ට  පසුවවීම විශේෂත්වයකි.

හෙට දිනයේ කැනඩා විදේශ අමාත්‍යවරයා හා මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

සංචාරය අතරතුර කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ද හමුවීමට ද සැලසුම් කර තිබේ.

අද(29)ඔහු යාපනය බලා පිටත්ව යාමට නියමිත අතර එහිදී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ,ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here